දකුණු පළාතේ හම්බන්තොට දිස්තතක්කයේ මුල්ගිරිගල මැතිවරණ කොට්ඨාශයේ වලස්මුල්ලප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය පිහිටා ඇත.වර්ග කි.මී.106.2 ක භූමි ප්‍රමාණයයකින් සමන්විත මෙම කොට්ඨාශයේ ග්‍රාම නිලධාරී වසම් 53 කි. තැනිතලා ද කඳු බෑවුම් වලින් ද ගහන මෙම කොට්ඨාශය සොබා දහම අතින් ඉතාම සොදුරැ මනස්කාන්ත දර්ශන සහිත පරිසරයක පිහිටා ඇත.ඓතිහාසික වටිනාකමකින් යුත් සිත්තම්ගල්ලෙන රජ මහා විහාරය,සහ සිංහරාජ වනාන්තරයේ එක් මායිමක් වන රම්මල කඳුවැටිය පිහිටා ඇති මෙම කොට්ඨාශයේ ක්පමණ වන මුලු ජනගහනයෙන් 90% ක පමණ පිරිසකගේ මූලික ආදායම කෘෂිකර්මාන්තය යි. විවිධ දේශගුණික කළාපයන්ගෙන් යුත් මෙම කොට්ඨාශය සැබවින්ම මනස්කාන්ත දර්ශනයන්ගෙන් හෙබියා වූද පැරණි වීරවරයන්ට ෙමන්ම වත්මන් වීරවරයන්ටද නිජභූමියක් වූද රමණීය ප්‍රදේශයකි.
වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටීම සහ මායිම්පළාත - දකුණු පළාතදිස්ත්‍රික්කය - හම්බන්තොට
මැතිවරණ කොට්ඨාශය - මුල්ගිරිගල උතුරට - කටුවන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයනැගෙනහිරට - වීරකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයදකුණට - ඕකේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයබටහිරට - මාතර දිස්ත්‍රික්කය
ඓතිහාසික තොරතුරු උතුරු ගිරුවා පත්තුවට අයත් වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තොරතුරුසොයා ගැනීමට මහාවංශයේ එන ඇතැම් විස්තර සහ දැනට ශේෂව පවතින ග්‍රාම නාමයන් සහ ඒ හා සම්බන්ධ ජනප්‍රවාද බොහෝ දුරට ඉවහල් කර ගත හැකිය.මහාවංශයට අනුව මෙම ප්‍රදේශය “ උතුරු ගිරුවා පත්තුව” ට අයත් බව කියවේ.“ගිරුවාය” යනු “ගිරිඛණ්ඩ සිව” විසින් පාලනය කරන ලද ප්‍රදේශයක් බව වංශකථා වල සඳහන් වේ. ඒ අනුව ඔහුගේ නමින් එය නම්වූ බව සිතිය හැකිය. එසේම “කිරම - ඌරුබොක්ක” පාරේ , “වරාපිටිය” ප්‍රදේශයේ “රම්මල කඳු” පාමුල ඇති ඓතිහාසික වටිනාකමින් යුතු ලෙන් විහාර වලින් ද සමන්විත“සිත්තම්ගල්ලෙන පුරාණ විහාරස්ථානය” “වළගම්බා රජු” සැඟවී සිටි ස්ථානයක් බව ද, පසු කාලීනව ඔහු විසින් එම විහාරය කරවූ බව ද , මහාවංශයෙහි සඳහන් වේ.මහාවංශයට අනුව වළගම්බා රජු යුද්ධයෙන් පැරදී පළා ගොස් රෝහණ පුරයේ මුරකරුවන් යොදාගෙන මෙම ප්‍රදේශය ආසන්නයේ කන්දක සැඟවී සිට ආරක්ෂාව සපයා ගත් බවත්, ඒ හේතුවෙන් එම ප්‍රදේශය “මුරකන්දෙගොඩ” නමින් හඳුන්වා දැනට “මොරකන්දෙගොඩ” නමින් ව්‍යවහාරයට පත්ව ඇති බවත් වංශකථා වල සඳහන් වේ. (ඕකේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ග්‍රාම නිළධාරී වසමකි.) එයට ආසන්නයේ, මහ කැලෑවකින් යුක්තව තිබූ, ගිරුවා ගම් දොළොස් දහස් පන්සියයට අයත්, තැනින් තැන මහා මෘග වලසුන්ගෙන් ගහණ, වනයෙන් ආවරණය වූ ප්‍රදේශයක් වූ ප්‍රදේශයක් වූ බවත්, ඒ අනුව “වලසුන් ගහණ” යන අර්ථයෙන් මෙම ප්‍රදේශය “වලස්මුල්ල” යන නමින් ව්‍යවහාරයට පත්ව ඇති බවත් වංශ කථා වල සඳහන් වේ.අනුරාධපුරයේ ඇතිවූ භේදකාරී තත්වයන් හේතු කොට ගෙන රෝහණ පුරයේ ඒ ඒ වකවානු වල සිදුවූ බොහෝ ඓතිහාසික තොරතුරු මහාවංශයෙහි සඳහන් වේ. එමෙන්ම මෙම ප්‍රදේශයෙහි අඛණ්ඩව ප්‍රාදේශීය පාලකයින් සිටි බව වංශකථාවල ද සඳහන් වේ.ප්‍රදේශයේ ඉතිරිව ඇති නටඹුන් අනුවද නොයෙක් කරුණු අපට දැනගත හැකිය.මෙම ප්‍රදේශයට ආසන්නව පිහිටි “මුල්ගිරිගල” ඉතිහාසය බලන විට එම ස්ථානය කරවූයේ “මහානාග රජු” විසින් යයි සඳහන් වී තිබීම එයට සාක්ෂි දරයි.වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් “වැලිඅමුණ” ප්‍රදේශයේ පිහිටුවා ඇති “සෞගත රජමහා විහාරය” නම් ඉතාමත් පැරණි විහාරස්ථානයද “වළගම්බා රජු” විසින් කරවූ බැව් සඳහන් වේ. එහි ඇති ඉපැරණි ගල් කණු සහ චෛත්‍යය පළාගෙන වැඩී ඇති බෝ ගස ද වසර සිය දහස් ගණනක් පැරණි අතීතය නිහඬව කියාපායි |
|
|
|